top of page

NLP ස්වයං නිපුණත්වය - අන්තර්ජාලය හරහා

ප්‍රවීනතා සහතිකය

NLP Webinar - Abstract- Sinhala with Rohan.png

සාමාජිකයන්ගේ පිටුව

ආරම්භයෙන් පසු සක්‍රීය වේ

NLP තුළින් ස්වයං නිපුණත්වය කරා - අන්තර්ජාලය හරහා

රොහාන් ඩයස් වෙතින්

චිත්ත විධාන සැලසුම් කරණය (Neuro linguistic programming/NLP) 

ප්‍රවීනතා සහතිකය

අන්තර්ජාලය ඔස්සේ ඔබවෙත කාලීන අවශ්‍යතා සපුරමින් ගෙන එන මෙම වැඩ සටහන ප්‍රවීණතා සහතිකය, කුසලතාපුර්ණ සහතිකය, බුද්ධිපූර්ණ සහතිකය ලෙස සහතික පත්‍ර තුනකින් සමන්විත වේ. සතිපතා සති දහයක් සතියකට පැය දෙකක බැගින් පලමු ප්‍රවීනතා සහතිකය සඳහා ගතවන අතර, එහිදී ප්‍රායෝගික වඩමුළුවක ඔබ ලබන්නා වූ අත්දැකීම අඩුවකින් තොරව අපගේ NLP වෙබ්මුලුව තුලදී ඔබට ලබා දෙනු අැත.

NLP තුළින් ස්වයං නිපුණත්වය කරා යනු කුමක්ද?

මෙම වැඩසටහන් මාලාව සකසා ඇත්තේ ඔබට ඔබගේ කායික, චිත්තවේගාත්මක, මානසික සහ වෘත්තීය අරමුණු සාක්ෂාත් කරගැනීමට අත්වැලක් සැපයීමටය. NLP ක්‍රමවේදය ඔබ තුළ සැඟවී ඇති විභව ශක්තිය ඉස්මතු කරවා, එය ඔබට යා යුතු මග දෙසට මෙහෙයවීමේ ක්‍රමය ඔබට උගන්වයි. එහි අන්තර්ගතය පුද්ගල විභවතා කුටප්‍රප්තියට ගෙනයාමට මගපෙන්වන ලොව ප්‍රමුඛ ප්‍රවීණ උපදේශකයින්ගේ ක්‍රමවේදයන්ට අනුකුලව සකසා ඇත. NLP යනු මනුෂ්‍ය අභිවර්ධන ක්ෂේත්‍රයේ වඩාත්ම  අගනා ක්‍රමවේදයක් බව The Science Digest සඟරාව පවසා ඇත. NLP යනු, මිනිස් මනස නම් දෘඩාංගය නිසි සේ භාවිතයට අවශ්‍ය මෘදුකාංගයයි. එය ඔබේ අනාගත බලාපොරොත්තු සාක්ෂාත් කරගැනීමට උපකාර වන මගපෙන්වීමකි.

වැඩසටහනේ අන්තර්ගතය

  • NLP හඳුන්වාදීමක්

  • සාර්ථකත්වය සඳහා මානසික කුසලතා

  • ස්වයං නිපුණත්ව මුලධර්ම

  • ජීවන අරමුණු කරා ලඟා වෙමු

  • තෙවසරක් සඳහා ජීවන ඉලක්ක සකසා ගැනීම

  • අරමුණු කරා පිවිසෙන්නට උපකාර වන චර්යා රටා ගොඩනැගීම

  • තමා ගැන බලගතු ස්වයං-ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීම

  • ආදරයේ බලගතු බව අත්දකිමු

  • අනෙකුන් හා ගැඹුරින් සම්බන්ධ වීමේ ක්‍රම උගනිමු

  • ක්ෂණිකව ප්‍රබෝධමත් වන අයුරු උගනිමු

  • ආතතිය බැහැරලීම සඳහා (භාවනාවද ඇතුලු) බලගතු ක්‍රම උගනිමු

  • කාලයෙන් උපරිම පල නෙලාගන්නට ජීවිතය හසුරවමු

  • ලොව බලගතුම වෙනස්වීමේ ක්‍රමවේද උගනිමු

  • අතීත අසාර්තකත්වයන්හි වේදනාව දුරලමු

  • දිවියට අගයක් එක නොකරන චර්යා දුරලමු

  • නිපුණත්වය තුලින් ජීවන සබඳතා තෘප්තිමත් කරමු

  • ජීවිතයේ ප්‍රබලතම බාධක හඳුනාගෙන ඒවා ජයගන්නට උගනිමු 

NLP තුළින් ස්වයං නිපුණත්වය කරා වැඩසටහන් සහතික ස්තර තුනකින් ඉදිරිපත් කෙරේ: එනම් ප්‍රවීනතා, ජයග්‍රාහකයා සහ  ප්‍රාඥයා යනාදී ලෙසිනි. අප ඔබට ආරාධනා කරන්නේ  ප්‍රවීනතා සහතික වැඩසටහනට සහභාගී වන ලෙසයි. ප්‍රවීනතා සහතිකය සම්පුර්ණ කරන ඔබට ජයග්‍රාහක සහතිකයත්, ඉන් අනතුරුව ප්‍රාඥ සහතිකයත් පිවිසීමට හැකිය. ඔබ එක එක සහතික ස්තර සම්පුර්ණ කිරීමට  අනතුරුව අපි ඔබව ඉන් ඉදිරි සහතික ස්තර ගැන දැනුවත් කරමු.

NLP තුළින් ස්වයං නිපුණත්වය කරා - ප්‍රවීනතා සහතිකය

ප්‍රවීනතා සහතිකය වැඩසටහනට සහභාගී වන ඔබට එහි උගත් දේ ප්‍රායෝගිකව යොදාගැනීම තුළින් ඔබ ගැන ප්‍රවීණයෙකු වන්නට හැකිවේ. මෙයින් අදහස් වන්නේ, මේ වැඩසටහන තුළින් ඔබට ඔබගේ දක්ෂතා, දියුණු කරගත යුතු අංශ, ජීවන අරමුණු, සුබවාදී ආකල්පයකින් යුතුව දිවි ගෙවීම, ඔබගේ විශ්වාසයන් සහ චර්යාවන් හඳුනාගන්න අතරම අසුබවාදී ආකල්ප, විශ්වාසයන් සහ චර්යාරටා බැහැරලීමට ක්‍රමද ඉගෙනීමට හැකි වන බවය.

වැඩසටහනෙහි විස්තර

NLP තුළින් ස්වයං නිපුණත්වය කරා අන්තර්ජාලය ඔස්සේ සති 10ක් ඔස්සේ දිවෙන පැය 2හි වැඩසටහන් වලින් සමන්විතය. සතිපතා වැඩසටහන අවසානයේ ඔබට ලැබෙන පැවරුම් තුළින් ඔබ වැඩසටහනින් උගත් මානසික කුසලතා සහ මෙවලම් ප්‍රයෝගිකව ක්‍රියාවට නගන්නට සහ එමගින් ලබන අත්දැකීමෙන් වැඩිදුර ඉගෙනගන්නට අවස්ථාව ඔබට හිමිවේ. එලෙසම, මේ වැඩසටහන තුළින් ඔබ එකිනෙකාට උපකාර කරමින් අත්දැකීම් බෙදාගන්නා ඉගෙනීමේ ප්‍රජාවක සාමාජිකයකු බවට පත් වේ. ඔබට මේ කාලය තුළ පුහුණුකරුවන්ගේ මගපෙන්වීමද ලැබෙනු ඇත.

පැය දෙකේ වැඩසටහන් 10 ගැන කෙටි විස්තරයක් පහත දැක්වේ.

පළමු සැසිය | හැඳින්වීම සහ වැඩසටහනට මුලපිරීමක්

පළමු සැසියෙන් ඔබට NLP ගැන සහ ස්වයං නිපුණත්වය (Mastery of Self) ගැන අවබෝධයක් මෙන්ම NLP ක්‍රමවේදයට අනුකුලව ජීවත් වීමෙන් ස්වයං නිපුණත්වය කරා එළඹීමේ වැදගත්කම පැහැදිලි කරගැනීමට හැකිය. ඔබගේ දක්ෂතා මෙන්ම දියුණු කරගත යුතු අංශ මොනවාදැයි හඳුනාගන්නටත් ඒවා දියුණු කරගන්නට අවශ්‍ය දේ කුඩා පියවරෙන් පියවර ක්‍රියාත්මක කරන්නටත්  ඔබව යොමු කරන මේ සැසියෙන් ඔබට NLP ලොවේ ජයග්‍රාහකයින් යොදාගන්න මානසික පුරුදු රැසක් ඉගෙනීමට හැකිවේ. මේ අතරට කායික විද්‍යාව සහ ‘රෝස පැහැති අලියා’ සංකල්පය මෙන්ම ප්‍රශ්න සහ පිළිතුරු කොටසක්ද සැසියේ අඩංගුය.

දෙවැනි සැසිය | NLP තුළින් සතුට සහ සාර්ථකත්වය

දෙවැනි සැසියෙන් ඔබට සතුට සහ සාර්ථකත්වය ගැන ගැඹුරු අවබෝධයක් ලබාගත හැකි වේ. බලගතු NLP මෙවලමක් වන වෙනස්වීමේ වදන් විලාශය (Transformational Vocabulary) භාවිතා කරන අයුරු උගත හැකිය. එලෙසම නිපුණත්වයේ මුලධර්ම වන බහු-සන්වේද නිරුපනය, අසුබවාදී අදහස් නිශ්ශබ්ද කරන අයුරු සහ වෙනස්වීමේ ක්‍රියාදාමය කෙරෙහි අවධානය යොමුකිරීම ප්‍රගුණ කරන්නට අවස්ථාවක් හිමිවේ.

තෙවැනි සැසිය | අරමුණු සපලකරගැනීමේ දිවිමග

මෙම සැසියෙන් ජීවිත අරමුණු සහ ඉලක්ක අතර වෙනස හඳුනාගන්නට ඔබට හැකිවේ. ඔබේ ජීවිත අරමුණ සොයාගැනීමේ ක්‍රියාදාමය අත්දකින්නට ඔබට මේ සැසියෙන් අවස්ථාව හිමිවේ. එලෙසම, ඔබගේ අභිමතාර්ථ, අභිමානය, විශ්වාසයන් සහ ලොවට සෙතක් වන අංග ඇතුලත් මනා ජීවිත අරමුණු ප්‍රකාශයක් ලියාගන්නට සහ ඔබගේ අරමුණ නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්නට අවස්ථාවක් ඔබට මේ සැසියෙන් හිමිවේ.

සිවුවැනි සැසිය | අරමුණු සපල කරගැනීමේ හැසිරීම් චර්යා

මෙම සැසියේදී ඔබට ජීවිතයේ අංශ නමයකට අදාළ වන හැසිරීම් රටා මනාව සකසාගෙන අරමුණු සපල කරගැනීමේ දිවිමගට පිවිසීමට අත්වැලක් සැපයේ. ඉන් මතුව, ඔබට "දෛනික පුරුදු හතක්" (Seven Daily Habits) සංකල්පය පාදක කරගෙන දිවිමග සකසා ගැනීමටත්, ජීවත් වන සෑම දිනයම ලකුණු 10යේ දිනයක් කරගන්න අයුරු ඉගෙනුමට හැකිය.

පස්වැනි සැසිය | ආදරය

ආදරය,  අධ්‍යාත්මික සහ අරමුණු සපල කරගන්නා දිවිමගක කෝණයෙන් අත්දකින්නට ඔබට හැකි වන්නේ ලියෝ බැස්කග්ලියාගේ ආදරයේ දර්ශනවාදය මත පදනම් වන අදහස්, කවි සහ කතාන්දර ආශ්‍රයෙනි.

හයවැනි සැසිය | සම්බන්ධතා ගොඩනැගීම

මෙම සැසියේදී NLP මෙවලම් වන ‘රිද්මය සහ මඟ පෙන්වීම’ (Pacing & Leading) සහ ‘රටා බිඳීම’ (Pattern Interrupt) ආශ්‍රයෙන් ජීවන සම්බන්ධතා ගොඩනගා ගන්න අයුරු අවබෝධ කරගන්නට ඔබට හැකිවේ. විවිධ අය ඉගෙනීමේදී, තොරතුරු ලබාගේනීමේදී මෙන්ම ආදරය කිරීමේදී සහ ලබා අත්දකීමේදී විව්ධාකාර විලාශයන්ට කැමැත්තක් දක්වයි. ඔබ හා සම්බන්ධ වන අය වඩාත් ප්‍රිය කරන විලාශයන්, එනම් දෘෂ්ටිමය (visual), ශ්‍රවනාශ්‍රිත (auditory) හෝ චලවින්දනාත්මක (kinesthetic) යනාදිය හඳුනාගෙන ඔවුන් හා නිසිසේ සම්බන්ධ වන ආකාරය තේරුම් ගැනීමට මෙම සැසියෙන් ඔබට හැකිවේ.  එමගින් විවිධ අයට විවිධ දේ සාර්ථකව ඒත්තු ගැන්වීමට උපායමාර්ග සහ ඔබට ලැබෙන විවේචන නිසි ලෙස පිළිගැනීමට ඔබට හැකි වනු ඇත. 

හත්වැනි සැසිය | ආතතිය පාලනය කරගැනීම

මානසික ආතතිය ඔබගේ ජීවන අරමුණු, අපේක්ෂා, මනොවිහිතිය (mindset) හා බැඳෙන අයුරු සහ එම අවබෝධය තුළින් ආතතිය මනා සේ පාලනය කරගැනීමේ ක්‍රම ඉගෙනීමට මෙම සැසියෙන් ඔබට හැකිවේ. විවිධ ආතති පාලන ක්‍රම වන විකල්ප හැඳිනීම, ජීව බලශක්ති පාලනය, පෝෂණය, ව්‍යායාම, සහ භාවනාව ඇතුලු කායික හා මානසික විවේකය ලබාගැනීම ගැන අවබෝධයක්ද මේ සැසියෙන් ඔබට ලැබෙනු ඇත.

අටවැනි සැසිය | කර පින්නාගත් "බර" අත්හැරීම

මේ සැසියෙන් ඔබට ජීවන මගේ බර දනවන දේ--එනම් පැරණි, අසුබ මතකයන් සහ නරක පුරුදු යනාදිය--ඇතිවන අයුරු සහ ඉවතලීමේ ක්‍රම ඉගෙනුමට හැකි වේ. එමගින් ආත්ම විශ්වාසයකින් සහ සුබවාදී ජෛව ශක්තියකින් ලොවට මුහුණදී  අරමුණු සපල කරගැනීමේ දිවිමග නොනැවතී ඉදිරියට යාමට ඔබට හැකිවේ.

නමවැනි සැසිය | ස්වයං දිරිගන්වාගැනීම

මෙම සැසියෙන්, ඔබට යමක් කිරීමට උනන්දුව ඇතිවන හෝ සමහර දේ කරන්නට උනන්දුවක් ඇති නොවන ආකාරයේ මානසික පුරුදු බිහිවෙන අයුර හඳුනාගන්නට හැකිවේ. ඉන්පසුව, NLP මෙවලමක් වන ‘උසස් උප මාධ්‍ය’ (Advanced Sub-Modalities) භාවිතයෙන් තමා දිරිගන්වාගෙන අරමුණු සපලකර ගන්නා අයුරින් ක්‍රියා කිරීමට පෙළඹෙන අයුරු අවබෝධ කරගත හැකිවේ. නැංගුරම් (Anchors) නම් බලගතු මානසික මෙවලම ඇසුරින් ආත්මවිශ්වාසය ගොඩනැගීම ඇතුලු වෙනත් ප්‍රයෝජන ඉගෙනුමට ඔබට මෙම සැසියේදී හැකි වනු ඇත. 

දහවැනි සැසිය | මානසික අභියෝග ජයගැනීම

මේ සැසියෙන් ඔබට ඔබ මුහුණදෙන මානසික අභියෝග හඳුනාගෙන ඒවා විනාශ කරන්නට අවශ්‍ය NLP ක්‍රමවේදය ඉගෙනුමට සහ අත්දැකීමට අවස්ථාව හිමිවේ. එමගින් දිගින් දිගටම සාර්ථකත්වය සහ සතුට අත්විඳින්නට හැකිවන ජීවන පදනමක් සාදාගන්නට ඔබට හැකි වනු ඇත. 

ප්‍රයොජනවත් වන්නේ කාටද?

ඔනෙම කෙනෙකුට ප්‍රයොජනවන් වෙන ලෙස මෙම වෙබ්මුලුව නිර්මාණය කර ඇත.

සහතික කිරිම - වෙබ්මුලුව සම්පුර්ණ කිරිමෙන් පසු, රචනා තක්සේරුවකින් සමත්වුවන්ට සහතිකයක් ප්‍රදානයවෙ.

ආයෝජනය

රු.10,000

සති දහයෙ වෙබ්මුලුව සහා අන්තර්ජාල මගපෙන්විම සදහා

Amex කාඩ්පත් සදහ 10% ක වට්ටමක් සහා වාරික ගෙවිමක්

අගෝස්තු 19 දා සිට 

(බ්‍රහස්පතින්දා දිනවල)

පස්වරු 6.30 සිට 8.30 දක්වා

NLP සහතිකයසහිත "වෙබ් වැඩමුළුව" ගැන හඳුන්වාදීමේ "වෙබ් වැඩසටහන" සදහා නොමිලේ සහභාගි වන්න.

ජුලි මස 15 වන දින සිට බ්‍රහස්පතින්දා දිනයන්හි ප. ව. 6.30 සිට 7.30 දක්වා

අන්තර්ජාල පාඨමාලාව

වෙබ් දේශනය 

උපදේශකතුමාගේ තතු...

රොහාන් ඩයස් සෙන්සෙයි ඉන්ටර්නැෂනල්හි කළමනාකරණ උපදේශකයෙකි. පුද්ගල සංවර්ධනය, මානව සම්පත් කළමනාකරණය, විකුණුම්කරණය, අලෙවිකරණය සහ ආයෝජන උපදේශනය පිළිබඳ දශක දෙකකට ආසන්න අත්දැකීම් ඔහු සතුව ඇත.

 රොහාන් NLP (චිත්ත විධාන සැළසුම්කරණය ) පිළිබඳව හැදැරීම, පුහුණුවීම සහ ඉගැන්වීම පිළිබඳ වසර 15 කට වැඩි පළපුරුද්දක් ඇති අතර එය ඔහුගේ ජීවිතයේ හා වෘත්තීය ජීවිතයේ නිර්මල පරිවර්තනයේ ගාමක බලවේගයයි. ඔහුගේ සැසි ඉතා නිර්මාණශීලී හා සහභාගී වන්නන් සමග අන්තර්ක්‍රියාකාරී බව ඇති කරන බව ප්‍රකටය. මෙම සම්බන්ධතාවය බොහෝ සහභාගිවන්නන්ට කෙටි කාලයක් තුළ සැලකිය යුතු ප්‍රතිපල ලබා ගැනීමට උපකාරී වී තිබේ.

 

ඔහු විවිධ ව්‍යාපාරික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකි. ඔහු CIPM (වරලත් පිරිස් කළමනාකරණ ආයතනය) හි කථිකාචාර්යවරයෙකි. ඔහු කළමනාකරණ පුහුණුවන්නෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. ඔහු ලික්විඩ් කැපිටල් මැනේජ්මන්ට් (පුද්) සමාගමේ ආරම්භක හවුල්කරුවෙකි. ඔහු ආයෝජන උපදේශකයෙකු වන අතර එන්ඩීබී සෙකියුරිටීස් (පුද්ගලික) සමාගමේ ස්වාධීන නියෝජිතයෙකි.

 

රොහාන් සෙරන්ඩිබ් ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ හිටපු සභාපතිවරයා වන අතර ඔහු සම්මාන රාශියක් දිනා ඇත.  ජුනියර් චෙම්බර් ජාත්‍යන්තර ආයතනයේ ශ්‍රී ලංකාවේ(JCISL) හිටපු විධායක උප සභාපතිවරයා වන ඔහු JCISL සඳහා දශකයකට ආසන්න කාලයක් ක්‍රියාකාරී හා උපායමාර්ගික දායකත්වයක් ලබා දී ඇත.

 

රොහාන් මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ සේවා කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (MSc SM) හදාරමින්  සිටියි. ඔහු C.I.M (UK) ආයතනයෙහි සුදුසුකම් ලත් අලෙවිකරුවෙක් වන අතර CIPM— වරලත් පිරිස් කළමනාකරණ ආයතනය විසින් පිරිනමනු ලබන මානව සම්පත් කළමනාකරණය පිළිබද  ජාතික ඩිප්ලෝමාව (NDHRM) දරයි.

bottom of page